අවදානම අඩු දිස්ත්‍රික්කවලත් දැන් අවදානම වැඩි වෙලා - හරිත අලුත්ගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

අවදානම අඩු දිස්ත්‍රික්කවලත් දැන් අවදානම වැඩි වෙලා - හරිත අලුත්ගේ

අවදානම අඩු දිස්ත්‍රික්කවලත් දැන් අවදානම වැඩි වෙලා  - හරිත අලුත්ගේ

කොවිඩ් 19 වෛරසයේ අවදානම අවම මට්ටමක පැවති කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පවා මේ වනවිට අවදානම ඉහළ ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

 

මීට පෙර අඩු අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකූ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි ප්‍රදේශවලින් කොරෝනා වයිරස් රෝගීන් හඳුනාගෙන ඇති බව එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

හරිත අලුත්ගේ මහතා කොවිඩ් 19 වෛරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ තත්වය පාලනය වනතුරු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ සංචරණය හැකිතරම් සීමා කිරීම වැදගත් වන බවයි. එසේ නොවුනහොත් මෙය පාලනය කළ නොහැකි තත්වයේ වසංගතයක් වනු ඇති බව ද අලුත්ගේ මහතා අවධාරණය කරනවා.

 

 

 

views

1348 Views

Comments

arrow-up