ගම්පහ සහ කොළඹ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අද සිට නිවසටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

ගම්පහ සහ කොළඹ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අද සිට නිවසටම

ගම්පහ සහ කොළඹ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අද සිට නිවසටම

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායනවල වෙත පැමිණීම නුසුදුසු බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් මෙම රෝගය පහසුවෙන් වැළදිය හැකි බැවින් ඒ අනුව අද සිට සායනික ඖෂධ නිවෙස් වෙත ලබාදෙනු ඇති.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

 

views

696 Views

Comments

arrow-up