ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය

ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන ගව මාංශ ආනයනය කර සහන මිලකට ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම මේ වන විට ගව ඝාතනය සම්බන්ධයෙන් පවතින අඥා පනත් හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීති රීතින් සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙරට ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් දේශීය ගොවීන්ට තම සම්ප්‍රදායික ගොවිතැන් කටයුතු කර ගැනීමට ගව සම්පත ප්‍රමාණවත් නොවීම හේතුවෙනුත්, කිරිපිටි ආනයනය කිරීම හේතුවෙන් විශාල විදේශ විනිමයක් පිටරටට ඇදී යාම වැලැක්වීමට දේශීයව දියර කිරි නාග සිටුවීමට ගව ඝාතනය බාධාවක් බව විවිධ පාර්ශ්ව විසින් පෙන්වාදීම හේතුවෙන් එම කරුණු සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
781 Views
Comments