විපක්ෂ නායක සජිත් ජෝ බයිඩන්ට සුබ පැතුම් එක් කරයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.
ජෝ බයිඩන් ජන්ද විද්‍යාල 290ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 214ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.
My warmest congratulations to @JoeBiden on your historic victory on being elected #POTUS46 & my best wishes as you prepare to serve in the highest office. I wish you & Vice President-elect @KamalaHarris, the very best in your efforts to transform America.
— Sajith Premadasa (@sajithpremadasa) November 7, 2020
924 Views
Comments