බලෙන් කොරෝනා හදා ගන්න උත්සහ කරන පිරිසක් ගැන අනාවරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

බලෙන් කොරෝනා හදා ගන්න උත්සහ කරන පිරිසක් ගැන අනාවරණය කරයි

බලෙන් කොරෝනා හදා ගන්න  උත්සහ කරන පිරිසක් ගැන අනාවරණය කරයි

බන්ධනාගාරයෙන් නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම සඳහා ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇති බව මෙරට ප්‍රධාන පුවත්පතක වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබෙනවා.

 

මරණීය දඬුවම ඇතුළු දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටින ඇතැමුන් එසේ කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවද ප්‍රකාශකයකු එම පුවත්පතට සඳහන් කර තිබුණා.

 

එකිනෙකා අතර දුම්වැටි සංසරණය කර භාවිතයට ගැනීම ඇතුළු ක්‍රමවේද තුළින් ඔවුන් එකී වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද තමන්ටද එම වයිරසය ආසාදනය වේවා යැයි ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කන්නලව් කරන බවද වාර්තා වනවා.

 

නිරෝධායන මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමෙන් පසු එකී ස්ථානවලින් පැනයෑම ඇතැම් සිරකරුවන්ගේ අදහස වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

 

views

1051 Views

Comments

arrow-up