ඉස්ලාම් ත්‍රස්තවාදය මැඬලීමට බුද්ධි මෙහෙයුම් අවශ්‍යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

ඉස්ලාම් ත්‍රස්තවාදය මැඬලීමට බුද්ධි මෙහෙයුම් අවශ්‍යයි

ඉස්ලාම් ත්‍රස්තවාදය මැඬලීමට බුද්ධි මෙහෙයුම් අවශ්‍යයි

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13) පවසනවා.

 

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුද්ධය ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් මෙහෙයවුවද අලූත් ත‍්‍රස්තවාදී උවදුර මර්දනය කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බුද්ධි මෙහෙයුම් දැඩි කළ යුතු බවද අගමැතිවරයා කියාසිටියා.

 

ඉස්ලාම් ත‍්‍රස්තවාදය නතර නොකිරීම ලංකාවට පමණක් නොව කලාපයටම තර්ජනයක් වන බව කී අගමැතිවරයා අවට රටවල් ද එම අවදානම හොදින් තේරුම්ගෙන තිබෙන නිසා ත‍්‍රස්තවාදයට එරෙහි ඔවුන්ගෙන් සහයෝගය බලාපොරොත්තු විය හැකි බවද පැවසුවා.

 

කොළඹ, නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අද (13) පැවැති ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළා.

 

මෙහිදී මෙරට ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් මෙන්ම ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය,  ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශීය ශිෂ්‍ය නිළධාරීන් 157 දෙනෙකු උපාධි හිමිකර ගන්නා ලදී.

views

805 Views

Comments

arrow-up