කොරෝනා පරීක්‍ෂණ උපරිමව වැඩි කරන්න - WHO

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම කාර්යක්‍ෂම කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත .
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවේ සභාපතිත්වය දරයි .
සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලන අංශයේ නිලධාරියෙක් ,වෛද්‍ය රසායනාගාර පරීක්ෂකයන්ගේ සංගමයේ නියෝජිතයෙක් හා රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ඇතුලත් ය .
කොරෝනා වයිරසය ආසාදිතයින් හඳුනා ගැනීමේ දැනට සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාව හැකි උපරිම ලෙස වැඩි කර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද රජයට නිර්දේශ කොට ඇත .
දිනකට සිදු කෙරෙන කොරෝනා වයිරසය පිලිබඳ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කර රෝගය පැතිරී යාම වලක්වා ගැනීම දැනට සෞඛ්‍ය අංශ හමුවේ ඇති විශාල අභියෝගයකි .
636 Views
Comments