මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් කොරෝනා. තවත් 5ක් නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් කොරෝනා. තවත් 5ක් නිරෝධායනයට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් කොරෝනා. තවත් 5ක් නිරෝධායනයට

කොළඹ නගරසභා බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (24) තහවුරු වූ බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

 

"අපේ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙකුට මෙම වෛරසය වැළඳී ඇති බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වුණා. ඒ මහත්මයා මේ වනවිට IDH රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙක් නිරෝධායන කඳවුරු කරා යොමු කිරීමටත් රජය විසින් කටයුතු කරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

views

927 Views

Comments

arrow-up