ජනාධිපති සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 850 පනී

ජනාධිපති සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (27) දිනයේ දිවයිනේ විහාරස්ථාන , ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිපදෙනෙකු එම අරමුදලට මුල්‍ය ප්‍රධානයන් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශට සදහන් කළේය.
මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ.
කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් අනූ හයදහසක්, සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 05ක්, සි/ස සණස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ටේලියාවේ නිව් සවුත් වේල්සයේ පදිංචි ආදි ආනන්දියන් රුපියල් ලක්ෂ 05ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මිලියන 1.1 ක්, ඒ.ඩී.ආර්.සී. ලෙනාඩ් මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක් , මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් හය ලක්ෂ හැට එක් දහසක් අරමුදලට පරිත්‍යාග කර ඇත.
මේ අතර කොවිඩ් නයින්ටීන් මෙහෙයුම සඳහා මයික්‍රො කාර් ලිමිටඩ් ආයතනය විසින් රුපියල් ලක්ෂ 90 පමණ වටිනා බස් රථයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දි තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.
649 Views
Comments