රට පැන්න අපරාධකරුවන් 111 දෙනෙකුට රතු සහ නිල් වරෙන්තු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

රට පැන්න අපරාධකරුවන් 111 දෙනෙකුට රතු සහ නිල් වරෙන්තු

රට පැන්න අපරාධකරුවන් 111 දෙනෙකුට රතු සහ නිල් වරෙන්තු

කුඩු හා පාතාල මර්දන වැඩසටහන යටතේ අපරාධවලට සම්බන්ධ වී විදේශවලට පැනගොස් සැඟව සිටින අපරාධකරුවන් 111 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒම සඳහා පසුගිය සති කිහිපය තුළ ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන තිබෙනවා.


තවත් රතු වරෙන්තු 20ක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යමින් සිටින බවයි වාර්තා වන්නේ.


ඉදිරි මාස කිහිපය තුළ ලොව පුරා විවිධ රටවල සැඟව සිටින තවත් අපරාධකරුවන් 100කට පමණ රතු වරෙන්තු ලබා ගැනීමට නියමිත බව සඳහන්.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා විසින් මෙම රතු වරෙන්තු ලබාගැනීමේ කටයුතු මෙහෙයවනු ලබනවා.


රතු වරෙන්තුවලට අමතරව ලොව පුරා සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ගේ තොරතුරු සපයා ගැනීම සඳහා නිල් වරෙන්තු ලබාගැනීමටද පොලීසිය කටයුතු කරන අතර මේ වනවිට එබඳු නිල් වරෙන්තු 84ක් නිකුත් කර ඇතැයි සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 

views

703 Views

Comments

arrow-up