තොන්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ නිරෝධායන නීති උල්ලංඝනය කරනවා - මංජුල ගජනායක

ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම සදහන් කළේය.
ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප‍්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක‍්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා කියා සිටියේය.
දැන්වත් නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ගජනායක මහතා පෙන්වා දුන්නේය.
656 Views
Comments