කොරෝනා‌වෙන් ලංකාවට ‌ඩොලර් ‌කෝටි ගාණක ඉල්ලමකුත් පෑදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

කොරෝනා‌වෙන් ලංකාවට ‌ඩොලර් ‌කෝටි ගාණක ඉල්ලමකුත් පෑදෙයි

කොරෝනා‌වෙන් ලංකාවට ‌ඩොලර් ‌කෝටි ගාණක ඉල්ලමකුත් පෑදෙයි

එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට සතියකට අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවයක් පවතින බවත්, සතිපතා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා මඟින් එම සැපයුම ඉටු කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවත් අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් ආයතනයේ) නිලධාරීන් අතර ඊ‌යේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

 

කෝවිඞ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් ලොව පුරා අවශ්‍යතාවයක්ව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ කළ හැකි ද යන කාරණය පිළිබදවද මෙහිදී සාකච්ඡා වී ඇත.

 

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම රැස්වීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිත්‍ය නියෝජිත මොරාද් මොහිදීන් නියෝජිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් සහ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්තකරුවන් පිරිසක් සහභාගි වී තිබේ.

 

එසේම මෙම සාකච්ඡාව සඳහා ඩෙන්මාර්ක් හී කොප්න්හේගන් නුවර සහ නේපාලයේ කත්මන්ඩු නුවර සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින්ද සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇත.

 

ඒ අනුව ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණය සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් දිනපතා රැස්ව මතුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදීමටද තීරණය වී ඇත.

 

එක්සත් ජාතින්ගේ ළමා අරමුදල විසින් අදාළ ආරක්ෂිත ඇඟලුම් මිලදී ගැනීමත් එම නිෂ්පාදනවල ප්‍රමිතිය සහ තත්ත්වය සම්බන්ධයෙන් සහතිකපත් ලබා දීමේ ක්‍රමවේදයක් සැලසීමටත්, ඉදිරි මාස තුන තුළ මෙම කාර්යය ඉටු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

views

1016 Views

Comments

arrow-up