දැදුරුඔයට බිලිවූ සොහොයුරන් දෙදෙනා

කොබෙයිගනේ ඇඹලයාගම ප්‍රදේශයේ දැදුරුඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 18 සහ 24 වයස් වල ඥාති සොයුරන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.
ඥාති සොයුරන් සිවුදෙනකු එක්ව සති අන්තයේ විනෝද වීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර දැදුරුඔයේ ඇඹලයාගම ප්‍රදේශයේදී දිය නෑමට බැසීමේදී ඔය තුල තිබූ ගැඹුරු කලියක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට නිකවැරටිය මූලික රෝහලට බාරදී ඇති අතර සිරුරු පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
13778 Views
Comments