2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පස්වරු 1.40 ට එම අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 4 ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනිද්දා සිට ලබන 21 වනදා දක්වායි.
එම දිනවල දිනපතා අයවැය විවාදය සිදුකෙරෙන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පස්වරු 5.00 ට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතයි.
රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය පවත්වන දින ගණන සීමිත කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
702 Views
Comments