15 වැනි කොවිඩ් මරණකරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

15 වැනි කොවිඩ් මරණකරුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරේ

15 වැනි කොවිඩ් මරණකරුගේ  අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරේ

කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කුලියාපිටිය පොදු ආදාහනාගාරයේ දී සිදු කළා.

 

මෙරට 15 වැනි කොවිඩ් මරණය ලෙසයි එය වාර්තා වුණේ.

 

මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ඌරලිය කිතලව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.

 

ඔහු පසුගිය 14 වැනිදා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි බවයි කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ.

 

රෝගියා සම්බන්ධයෙන් සිදු කළ තෙවන පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුවයි කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ.

 

 

 

views

743 Views

Comments

arrow-up