අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

 

මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ, මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවයි.

 

වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බවද අගමැතිවරයා පවසයි.

 

මේ අතර, වුහාන්වල සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන ඒමට හැකි වුයේ දැඩි අවධානය හේතුවෙන් බවත්  පැවසු අගමැතිවරයා, ලංකාවේ හෝ වෙනත් රටක සිටින ඕනෑම ලාංකිකයෙකුගේ ජීවිතය රැක ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

 

දඹදිව වන්දනාකරුවන් මෙරටට ගෙන ඒමට සියලු දේ සුදානම් බවත්, ඒ නිසාවෙන් ‍රෝගියෙක් හෝ එවැනි අයෙක් පිළිබඳ වාර්තා වු වහාම නිරෝධායන කටයුතු ආරම්භ කිරීමට සුදානම් බවත් අගමැතිවරයා පැවසීය.

 

මොන තරම් බලපතළ වසංගතයක් හෝ දුෂ්කර කාර්යක් වුවත් රජය ක්‍රියාකරනු ලබන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වන ආකාරයෙන් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු ලබා දුන් බවත් කියා සිටියේය.

 

අද වන විට ක්‍රමානුකූලව රට තුළට ‍ගුවන් යානා පැමිණීම සීමා කර ඇති බවත් එවැනි තීරණ ගනු ලැබුවේ ලෝක තත්ත්වය ලෙස අවධානයෙන් බවත් පැවසු අගමැතිවරයා, ඉදිරියට ද එලෙසම කටයුතු කරන බවත් පැවසීය.

 

මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවා ඇති බවත් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන කාලයේ දී හෝ මෙවැනි තත්ත්වයක් උදා නොවුන බවත් පැවසු අගමැතිවරයා, එසේ සිදු කරනු ලැබුවේ කිහිප දෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසාවෙන් මෙම තීරණය ගැනීමට සිදුවු බවත් කියා සිටියේය.

 

එයින් දුෂ්කරතාවයක් ඇති වන්නේ නම් ඒ ගැන කණගාටු වන බවත්, දෛනික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට රජයට හැකියාව ඇතැයි ද පැවසු අගමැතිවරයා, කලබල විය යුතු නැති බවත්, රජය කිසිවක් ජනතාවට හංගන්නේ නැති බවත් පැවසීය.

 

 

ලෝකයම ඉතා දුෂ්කරතාවයට පත්ව ඇති මොහොතේ කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින ලෙසත් පැවසු අගමැතිවරයා මෙම විපත්ති මොහොතේ ජාතියක් ලෙස එකට සිටිය යුතු බවත් කියා සිටියේය.

 

මීට වඩා අභියෝගය ජය ගත් ජාතියක් ලෙස මෙම විපතින් ගැළවීමට ශක්තිය ඇති බව තමාට විශ්වාස බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

 

 

views

899 Views

Comments

arrow-up