ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර  තිබෙනවා .

 


රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි කාලයේ තමන් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙස තනතුරින් පහළ හෙළීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක් රජයෙන් අය කර දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා .

 

 

එසේම තමාගේ තනතුර  පහළ දැමීමට ගත් තීරණය  අවලංගු කර නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉල්ලා සිටී.

 


නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ,  ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් , නීතිපති ඇතුළු 17 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

 

views

582 Views

Comments

arrow-up