මේ මාස දෙකේ අහස වෙනස් වෙයි ; චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

මේ මාස දෙකේ අහස වෙනස් වෙයි ; චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක්

මේ මාස දෙකේ අහස වෙනස් වෙයි ; චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක්

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් දැක බලා ගත හැකි බව, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

 

ඒ අනුව අද (05) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකබලා ගත හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

 

එම චන්ද්‍රග්‍රහණය නිමාවී දින 14කට පසු අර්ධ සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

 

එලෙස දිස්වෙන සූර්යග්‍රහණය නිමවී දින 14ක් ගිය පසු නැවතත් ජූලි මස පස්වනදා ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෝක වාසීන්ට දැකබලා ගත හැකි වනවා.

 

ඉන්පසුව නැවතත් දින 14කට පසු සූර්යග්‍රහණයක් දිවන අතර එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට වළයාකාර සූර්යග්‍රහණක් ලෙස දිස්වෙන අතර මෙරටට එම සූර්යග්‍රහණය දිවන්නේ අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්.

 

මෙම වසරේ දී මෙරටට දැකබලා ගත හැකි අවසන් සූර්යග්‍රහණය මෙය බවයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.

views

790 Views

Comments

arrow-up