80% ක් පමණ ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් - ඔවුන් සදහා වෙනම මධ්‍යස්ථාන

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් රෝහල් ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථාන වල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවය.
“ඉදිරියේ දී භාහිරයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති රෝගීන් රෝහලක් නොවන නිරීක්ෂණ මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට අපි සැළසුම් කරලා තියෙනවා.” එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටියා.
“රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස් තුළම තබා ප‍්‍රතිකාර කිරීම වඩාත් ප‍්‍රායෝගික විය හැකි යි.” - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගියහොත්, බරපතල තත්ත්වයේ පසු නොවන ආසාදිතයන් රෝහල්ගත නොකර ඔවුන් නිවෙස තුළම රදවා ප‍්‍රතිකාර කිරීම පිළිබදව අවධානය යොමු කිරීම වඩාත් ප‍්‍රායෝගික විය හැකි බව, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඊයේ පවසා සිටියා.
කෙසේ වෙතත්, රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බවයි වෛද්‍යවරයා පැවසුවේ. දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයන්ගෙන් 80% ක් පමණ, රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් බව ද වෛද්‍යවරයා කියාසිටියා.
762 Views
Comments