වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ – නීතිපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ – නීතිපති

වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ – නීතිපති

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනුකර ඇති පෙත්සමේදී තමා වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා නොකර බැවින් ඔහු වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කළ බවයි.

 

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස තමා නම් කිරීම අභියෝගයකට ලක් කරමින් ඇඹිලිපිටියේ හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය හමුවේදී අද කැඳවනු ලැබුවේ ය.

 

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව ක්‍රියා කිරීමට අපොහොසත්වීම නිසා ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ ය.

 

රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන ජුලි 31වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාෂ් සහ රෝහිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන්ට නියෝග කළේ ය.

 

views

605 Views

Comments

arrow-up