යාපනේදී නාවික සෙබලුන් දෙදෙනෙකුට පහරදෙයි.. දෙදෙනාම රෝහලේ..

යාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
යාපනය කරයිනගර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලද අදාල සෙබලුන් දෙදෙනා දෛනිකව සිදුකරන ලබන සෝදිසි පාමුර සංචාරයක අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වෙයි.
නාවික සෙබලුන්ට පහරදුන් පිරිස් පලා ගොස් ඇති අතර අදාල පහරදීම සිදු කළ පුද්ගලියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
පහරකෑමට ලක් වූ නාවික හමුදා සෙබලුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන අතර මේ වන විට ඔවුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
820 Views
Comments