ඉන්ධන මිල අඩු වීමේ වාසිය සෘජුවම ජනතාවට ලබා දෙනවා - අමරවීර

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් අඩුවීමේ වාසිය සෘජුවම මහජනතාවට ලබාදීමට ඉදිරි දින කිහිපය තුළ රජය කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.
විපක්ෂය ඉන්ධන මිල පිළිබඳ චෝදනා එල්ල කළ ද පසුගිය පාලන සමයේ ඉන්ධන මිල ගණන් අඩුවීමට සමගාමීව ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට කටයුතු නොකළ බවත් ඒ මහතා කියා සිටියේය.
ඉන්ධන මිල අඩු වීමේ වාසිය රජය ගැනීමට බලාපොරොත්තුවක් නැති බවත් මෙම සහනය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
670 Views
Comments