අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරනවා – අධ්‍යාපන ඇමති

පවතින තත්ත්වය යටතේ කවරදාක පාසල් යලි විවෘත කලද එය සිදු කරන්නේ පියවර කිහිපයක් යටතේ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවන දිනෙක යලි පාසල් ආරම්භ කරන බවයි.
එහිදී මුල් අදියර යටතේ පළමුවෙන් ගුරුවරුන් පාසලට කැඳවීම සිදුවනවා.
දෙවනුව අනධ්‍යයන සේවක මණ්ඩල කැඳවීම සිදුවන අතර ඉන්පසු උසස් පෙළ පන්තිවල සිසුන් පාසල් සඳහා ගෙන්වීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
හතරවන අදියර යටතේ කුඩා දරුවන් පාසල් සඳහා කැඳවීමට නියමිතයි.
1028 Views
Comments