ගැහැණු සහ පිරිමි ළමුන් බිය ගන්වන අන්තර්ජාල ලිංගික ළමා අපචාරයක් ගැන හෙළිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

ගැහැණු සහ පිරිමි ළමුන් බිය ගන්වන අන්තර්ජාල ලිංගික ළමා අපචාරයක් ගැන හෙළිවෙයි

ගැහැණු සහ පිරිමි ළමුන් බිය ගන්වන අන්තර්ජාල ලිංගික ළමා අපචාරයක් ගැන හෙළිවෙයි

අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

 

කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම රැවටීම සිදුකර ඇති අතර පසුව ඔවුන් බියට හා ත්‍රාසයට පත්කොට තර්ජනය කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන පසුව ඒවා දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වෙත ලබාදෙන බවට අණාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

 

views

1270 Views

Comments

arrow-up