මාලිගාවත්තේ විහාරාධිපති හිමිනමකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

මාලිගාවත්තේ විහාරාධිපති හිමිනමකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මාලිගාවත්තේ  විහාරාධිපති හිමිනමකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා විසින් උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද නියම කරනු ලැබුවා.

 

ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියලු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කර සිටියා.

 

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

 

 

ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සියලු චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළා.

 

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබුණා.

 

මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කර සිටියා.

 

ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවා.

 

මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණත් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුතුමන් විසින් නියෝග කරනු ලැබුවා.

views

761 Views

Comments

arrow-up