කොරෝනා නිසා ලොව පුරා දරුවන් මිලියන 100 කට සරම්ප වැළඳීමේ අවධානමක්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව පුරා වෙසෙන දරුවන් මිලියන 100 ක් පමණ සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අගවනවා.
නව කොරෝනා වෛරසයේ පැතිරයාම වැළැක්වීම සඳහා කි‍්‍රයාත්මක කර ඇති මෙහෙයුම් හමුවේ බොහෝ රටවල ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය අඩපණ වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එහි ප‍්‍රථිපලයක් ලෙස දරුවන් මෙලෙස සරම්ප රෝගයට ගොදුරුවීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කළා.
එම විශේෂඥයින්ට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය අඩපණ වීමේ වැඩි අවදානමකට මුහුණ පා ඇත්තේ අඩු හා මධ්‍ය ආදායම්ලාභී රටවල්. එලෙස රටවල් 24 ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර මෙක්සිකෝව, කාම්බෝජය, හා නයිජීරියාව ඒ අතර වනවා.
682 Views
Comments