ඇමතිවරු චෝදනාවට ලක් වුණොත් ඉවරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

ඇමතිවරු චෝදනාවට ලක් වුණොත් ඉවරයි

ඇමතිවරු චෝදනාවට ලක් වුණොත් ඉවරයි

පසුගිය  වකවානුවේ  ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට  සහ අමාත්‍යවරුන්ට  පැවරී  තිබුණේ  මුළු දවසම අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව  තිබුණා.  ඒ චෝදනාවට ලක් වෙන්න එපා . රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න‘ යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  ( 22)  පැවැති  නව අමාත්‍ය මණ්ඩයේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු   නව අමාත්‍ය මණ්ඩලය අමතා  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 

වැඩිදුර අදහස් දක්වමින්  ජනාධිපතිවරයා මෙසේ කියා සිටියා.

 

‘අපි දැන් පිහිටුවලා තියෙන්නේ  අන්තර්කාල ආණ්ඩුක්. ලැබෙන පළමු අවස්ථාවේදීම  මහ මැතිවරණයක් පවත්වල අපේ රජයක් පිහිටුවනවා  කියලා  අපි  කිව්වා. ඒ වෙනුවෙන් ජනවරමක් ඉල්ලුවා.ජනතාවගේ කැමත්තට මහ මැතිවරණයකට අපි යනවා. මේ  ආණ්ඩුව පිහිටුවන්නේ  ජනතාවට පොරොන්දු වූ කරුණු ඉටු කිරීමට පමණයි. ඒකයි 15 දෙනකුගෙන් යුත්    අමාත්‍ය මණ්ඩලයක්  පත් කරගත්තේ. ඉදිරියේදී අපිට  අභියෝග රැසක් තියෙනවා .

 

මේ වෙද්දි පැවැතතෙන දේශපාලන සංස්කෘතියට විශාල අප්‍රසාදයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ඒක .නව රජය එම සංස්කෘතියෙන් ඉවතට ඇවිත් ජනතාව බලාපොරොත්තුවෙන යුගයකට යා යුතුයි.

 

ඒ නිසා අපි අපේ උපරිම හැකියාව යොදලා අපි ජනතාව වෙනුවෙන් අපි  පොරොන්දු වුණ මූලික කරුණු අපි ඉටු කරනවා. එයට සෑම දෙනාගේම සහය බලාපොරොත්තු වෙනවා. '



රජය යටතේ තියෙන සංස්ථා මණ්ඩල  බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා.අපි මේවා ලාබ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින්  සාර්ථකව ගෙනියන්න අවශ්‍යයයි. ඒනිසා  සභාපතිවරු අධ්‍යක්ෂ  මණ්ඩලය පත් කරද්දී  සුදුසුකම් තියෙන වෘත්තිමය දැනුමක් තියෙන  සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් , කාර්ය මණ්ඩලයක් පත් කළයුතුයි.තේරීම් මණ්ඩලයක් හරහා ඒ ආයතන ප්‍රධානීන්  තෝරා ගන්නවා. අමාත්‍ය මණ්ඩලයටත් කියනවා ඒහෙම අය ඉන්නවනම් තේරිම් මණ්ඩලයට යොමු කරන්න.   අයතන කාර්යක්ෂම වෙන්න ඒය ඉතා වැදගත් .

 

නිපුණත්වයක් අවශ්‍ය නොවන අමාත්‍යංශවල තියෙන ඇබෑර්තු ඒ සුදුසුකම් ඇති අයට දෙන්නත. අවසනාවට පසුගිය කාලයේදී අපට  ඇසුණේ ඒ ඒ අමාත්‍යවරු අ තමන්ගේ ආසනයේ අය  පත් කරනවා කියලා. ඒ වා දිය යුත්තේ  දුප්පත් පවුල් වල අයට ඒවා දෙන්න ඕනි. ඒ අය ඉහළට ගන්න පුළුවන් ඒ විදිහට.  ඉහළ සුදුසු කම් වැඩි අයට දුන්නොත් ඒවා සිදු වෙන්නේ නැහැ. පුරප්පාඩු අමාත්‍යවරයා විසින් පුරවන්නේ නැතිව  සෑම මන්ත්‍රීවරයකුටම ඒ අවස්ථාව දිය යුතුයි. එවැනි පුරප්පුඩු ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන්න. ඒවා අපි බලන්නම්.‘ යනුවෙන් පැවසුවා.

views

750 Views

Comments

arrow-up