පැය 7ක ප්‍රශ්ණ කිරීමෙන් පසු කරුණා CIDයෙන් පිටව යයි

පැය හතක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.
කරුණා අම්මාන් අද පෙරවරු 10.45 පමණ එහි පැමිණි අතර පස්වරු 5.30 දක්වා මෙම ප්‍රශ්න කිරීම පැවැත්වුණා.
අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණා.
ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.
නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබුණි.
තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව ඔහු අම්පාරේ දී පවසා තිබෙනවා.
677 Views
Comments