ලාංකිකයන් තිදෙනෙක් කොරියාවේදී මරුට

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
දකුණු කොරියාවේ – පාරාන් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු සියදිවි හානි කරගෙන ඇති බවයි තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
2008 වසරේදී පමණ දකුණු කොරියාවට ගොස් ඇති අදාළ ශ්‍රී ලාංකිකයා දීර්ඝ කාලයක් වීසා නොමැතිව එරට රැදී සිට ඇති බව සඳහන්.
ආර්ථික ගැටලූ හේතුවෙන් මොහු සියදිවි හානිකරගෙන ඇති බවට සැක පළ කෙරෙනවා.
මේ අතර, ජින්දෝ ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක් කර තිබුණා.
මිතුරන් දෙදෙනෙකු අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් එම ඝාතනය සිදුව ඇති බවයි තානාපති කාර්යාලයේ අදාළ ප්‍රකාශකයා කියා සිටියේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, ෆෝහාන් ප්‍රදේශයේදී උඩුමහලක ජනේලයකින් ඇද වැටීමෙන් ද ශ්‍රී ලාංකිකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කර සිටියදී ඔහු එලෙස ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
777 Views
Comments