අද බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවල මිලිමීටර 100 වැටි තද වැසි ඇති වෙයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
සබරමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
අද(14) දහවල් 12.11 ට මද්දුවිල්නාඩු, එළිෆන්ට් පාස් සහ වන්නන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.
679 Views
Comments