ඒකක 15 ට වැඩි පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු ඉහළට

ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (19) පැවසුවා.
ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරනු ලබන ජල ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි කාලයේදී ජල ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.
ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.
680 Views
Comments