පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යයි

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යයි

පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණා.

පසුගිය 11 වනදා රාත්‍රීයේ අත්අඩංගුවට ගත් අදාළ සැකකාර තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්.

ඒ අනුව, කොළඹ අශ්වාරෝහක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරික්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

එම විමර්ශනයේදී පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ එම පොලිස් ස්ථානයේ නිළධාරින් අනිසි ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා.

 

views

894 Views

Comments

arrow-up