දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
17

දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතී

දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතී

දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයකර තිබෙන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද (17) දිනයේ සිට ඉවත් වීමටයි.   මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවන බවත් සඳහන්වනවා.

 

 

අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් එසේ ඉවත්වීමට තීරණය කර ඇත්තේ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් බව දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කරනවා.

 

 

ඒ අනුව මහජනතාවට සෘජුවම විවෘත වන ප්‍රවේශපත්‍ර නිකුතුව සහ පාර්සල් භාරගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතුවලින් ඉවත්වීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

 

 

කෙසේ වෙතත් සියළු දුම්රිය ධාවනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ යෙදවීමට කටයුතු කරන අතර දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කරනවා. 

views

673 Views

Comments

arrow-up