තංගල්ල නගරයේත් කොරෝනා අවදානමක් !

කොරෝනා වෛරසය තංගල්ල නගරයට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා සඳහන් කරයි.
තංගල්ලේ පට්ටියපොල පදිංචි හමුදා නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී තිබේ.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මෙම හමුදා නිලධාරියා තංගල්ල නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇතැයි සොයාගෙන තිබේ.
ඒ අනුව ඔහු ගමන් කර තිබූ වෙලද සැල් සහ නගරයේ තවත් ව්‍යාපාරික ආයතන කිහිපයක්ම තාවකාලිකව වසා දමා ඇත.
ඒවායේ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මේ හේතුවෙන් නගර වාසීන් ඉතා දැඩි ලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.
703 Views
Comments