ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනට

දෙදින නිල සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීම මේ සංචාරයේ අරමුණ බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
ඔවුන් සඳහන් කළේ, නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා පොදු අරමුණු ඉදිරියට ගෙනයාමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අපේක්ෂා කරන බවයි.
අද රාත්‍රියේ කොළඹට ළඟා වූ මයික් පොම්පියෝ මහතා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගිවන්නේ හෙට උදෑසනයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන යන මහත්වරුන් හමුවන රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගිවීමට ද නියමිතව තිබේ.
නිල සාකච්ඡාවලින් අනතුරුව ඔහු හෙට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණීමට නියමිතයි.
ඉන්දීය නිල සංචාරයකින් පසුව මෙරටට එන මයික් පොම්පියෝ මහතා අනතුරුව මාලදිවයින හා ඉන්දුනීසියාව බලා පිටත්ව යනු ඇති.
730 Views
Comments