එස්.බී. - සංගක්කාර ගැන බොරු කියයි – සංගා එස්.බී.ගේ සායම යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

එස්.බී. - සංගක්කාර ගැන බොරු කියයි – සංගා එස්.බී.ගේ සායම යවයි

එස්.බී. - සංගක්කාර ගැන බොරු කියයි – සංගා එස්.බී.ගේ සායම යවයි

නුවරඑළියේ පිහිටි ගොල්ෆ් ක්‍රීඩාංගණය වසර 20ක කාලයක් සඳහා තමන්ට ලබා දෙන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තමන්ගෙන් ඉල්ලා සිටි බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක විසින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට කුමාර් සංගක්කාර පියවර ගෙන තිබෙනවා.

 

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකත්වයට තමන් පත්වූ බවට දැන ගැනීමෙන් අනතුරුව සංගක්කාර තමන් හමුවීමට පැමිණ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

 

” සංගක්කාර ගේ අදහස තමයි එයාට වසරකට ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්ෂ 10ක් ගෙනන්වන්න පුළුවන් කියන එක. එය තමන්ට කළ හැකි බව ඔහු තාර්කිකව ප්‍රකාශ කර සිටියා. ඇත්තටම ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කළාම ඒක අත්තක් බව මටත් පෙනී ගියා. එහෙම කරන්න හැකි උනොත් ලංකාවට හොද විදේශ විනිමයක් ගලා එනවා කියන එක සහතිකයි. නුවරඑළියේ රේස් කෝස් එකට උඩින් තියෙනවා ලවර්ස් ලීප් කියලා වත්තක්. ලවර්ස් ලීප් වත්තේ ලස්සන වැවක් තියෙනවා. ඒ වටේට පොඩි පිට්ටනියක් හැදුවා. නමුත් ඒක දියුණු කර ගන්න බැරි උනා.

 

ඉදිරි කාලයේදී ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත් ඒක ලෝකේ හයි ඇටිටියුඩ් ට්‍රේනිංවලට හොඳම පිට්ටනි දෙක තුනෙන් එකක් බවට පත්වනවා. මේකට අපිට ජාත්‍යන්තර වශයෙන් වැදගත් වනවා” හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට ඒක වෙමින් මේ බව කියා සිටියා.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර කියා ඇත්තේ වසර 20 ක කාලයකට තමන්ට නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය බද්දට ලබා දෙන්නැයි ඉල්ලීමක් නොකළ බවකි.

 

‘නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය හිමිවන්නේ එහි සාමාජිකයින්ට. මම කිසිවිටක එය බද්දට ගැනීමට සිතුවේ නැහැ. මීට වසර කිහිපයකට පෙර පළව තිබු පුවත්පත් දැන්වීමකට අනුව නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය සමීපයේ පිහිටි ඉඩමක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයක් සඳහා මම ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා. මිට සති කිහිපයකට පෙර මම ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. මම කියා සිටියා ව්‍යාපෘතිය සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අවසරය ලැබෙන තෙක් බලා සිටිනවා කියා. මම ලබාදුන් ව්‍යාපෘති වාර්තාව අදාළ රජයේ බලධාරින් සතුව තිබෙනවා’ යැයි මෙහිදී සංගක්කාර ප්‍රකාශ කර සිටියා.

 

views

841 Views

Comments

arrow-up