නීති කඩමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රිකයෙකු නොවේ.. විමල් කොළඹ ඇමරිකා තානාපතිට අභියෝග කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

නීති කඩමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රිකයෙකු නොවේ.. විමල් කොළඹ ඇමරිකා තානාපතිට අභියෝග කරයි

නීති කඩමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රිකයෙකු නොවේ.. විමල් කොළඹ ඇමරිකා තානාපතිට අභියෝග කරයි

ගුවන් තොටුපළේ දී කොරෝනා පරීක්ෂණ සිදු නොකර එය මගහැර රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවට තමන්ට විශ්වාසදායී තොරතුරු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

 

එම පුද්ගලයාට රාජතාන්ත්‍රික ගමන් බලපත‍්‍රයක් තිබුණද ඔහු රාජ තාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවද ඇමතිවරයා කියා සිටියේය.

 

එම පුද්ගලයා ඇමරිකානු හමුදා නිලධාරියෙකු යැයි ද පැවසූ ඔහු මෙරට නීති කඩමින් රටට ඇතුළු වි ඇතැයිද පැවසීය.

 

එසේ රටට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයා කවුදැයි හෙළි කරනු ලෙසත් ඔහු ඇමරිකානු හමුදා නිලධාරියෙක්ද නැද්ද හෙළි කරන ලෙසත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරන බව වීරවංශ මහතා කියා සිටියේය.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

views

790 Views

Comments

arrow-up