වෛද්‍ය නිර්දේශකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

වෛද්‍ය නිර්දේශකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

වෛද්‍ය නිර්දේශකින් තොරව ඖෂධ වර්ග දෙකක් අලෙවිය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.

 

එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව "Chioroquine" "ක්ලෝරෝකුයිනීන්"සහ "හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්" "Hydroxychioroquine" නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.

 

මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එහි වැඩිදුරටත් සදහන් වේ.

views

697 Views

Comments

arrow-up