සුළි කුණාටුවෙන් මුහුදු රළ මිටර් 3ක් දක්වා ඉහළට - යළි දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා!
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

සුළි කුණාටුවෙන් මුහුදු රළ මිටර් 3ක් දක්වා ඉහළට - යළි දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා!

සුළි කුණාටුවෙන් මුහුදු රළ මිටර් 3ක් දක්වා ඉහළට - යළි දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා!

සුළි කුණාටුවක බලපෑම නිසා යළි දැනුම්දෙන තුරු අනිද්දා (02දා) සිට ධීවර කටයුතු සහ නාවික කටයුතුවලින් වලකින ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව ධීවරයින්ගෙන් සහ නාවික හමුදාවෙන් ඉල්ලා සිටියි.

 

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

 

මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750ක් දුරින් ස්ථානගතව ඇති මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසු එළඹෙන පැය 12ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ.

 

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකළපුව සහ මුලතිව් අතරින් රට තුළට ලබන බදාදා සවස් කාලයේදී ඇතුළුවිය හැක.

 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා කාලය තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-100 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය රළු විය හැක.

 

මේ හේතුවෙන් ධිවර හා නාවික ප්‍රජාවට එම ප්‍රදේශයේ සිය නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙසට උපදෙස් ලබාදී සිටින බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටියි.

 

කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

 

 

views

502 Views

Comments

arrow-up