ප්‍රවේශමේන් : චූන් පාන් ඇතුළු ජංගම වෙළදුන් කොරෝනා වාහකයින් වීමේ අවදානමක්!
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

ප්‍රවේශමේන් : චූන් පාන් ඇතුළු ජංගම වෙළදුන් කොරෝනා වාහකයින් වීමේ අවදානමක්!

ප්‍රවේශමේන් : චූන් පාන් ඇතුළු ජංගම වෙළදුන් කොරෝනා වාහකයින් වීමේ අවදානමක්!

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජංගම වෙළඳාම් කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය නොකරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත‍්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් වෙළදාම් කටයුතු සිදු නොකිරීම මත කොරෝනා වෛරසය සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත විමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බවයි.

 

ඒ අනුව මාළු, එළවලූ, පළතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති වෙළඳුන් සහ ආයතන, ජංගම වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ද පොලිසිය විසින් හදුන්වා දී තිබෙනවා.

 

එම වෙළඳුන් පිරිසිදු ඇදුමකින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළදීම ද සිදු කළ යුතුයි.

 

එමෙන්ම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත් ආවරණ පැළදීම, සහ විෂබීජානුහරණ දියර භාවිතය ද අනිවාර්ය වනවා. බේකරි නිෂ්පාදන සහ පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම සිදුනොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සදහා අවශ්‍ය උපකරණ භාවිත කළ යුතු බව ද එම උපදෙස් මාලාවේ ඇතුළත්.

 

මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතු වන අතර ආහාර මිලදි ගැනීම සදහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ද ඉඩ ලබානොදිය යුතු වනවා.

 

ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසල ජනතාව රැදී සිටින අවස්ථාවලදී මීටරයක පරතරය පවත්වා ගැනීම සිදුකළ යුතු බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

views

840 Views

Comments

arrow-up