ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.



ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම හා කොවිඞ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසුවා.



පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (2) සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

 

 

දැනට ලංගම බස් රථ 5300ක් හා පුද්ගලික බස් රථ 23000ක් පමණ ධාවනය වුව ද මේ වන විට එය ප්‍රමාණවත් නොමැති බවත්, ඒ හේතුවෙන් මගීන්ට ආසන  නොමැතිව හිටගෙනයාමට පවා සිදුව ඇති බවත් මහින්ද අමරවීර මහතා පැවසුවා.

 

එමෙන්ම සාමාන්‍යයෙන දිනකට දුම්රියන්හි මගීන් 1.47,00ක් පමණ ගමන් කරන අතර  දුම්රිය තුළ ආසන ඇත්තේ 25,000ක් පමණ අඩු ප්‍රමාණයක් බවත්, ඉදිරියේදී ආසන ගණනට මගීන් ප්‍රවාහනය කළ යුතු නිසා දුම්රියේ ගමන් කිරීම අත්‍යාවශ්‍ය ගමන්බිමන් සඳහා පමණක් සීමා කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියා සිටියා.

views

729 Views

Comments

arrow-up