වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවේ සතුන් දෙදෙනෙක් අද හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
26

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවේ සතුන් දෙදෙනෙක් අද හමුවෙයි

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවේ සතුන් දෙදෙනෙක් අද හමුවෙයි

මන්දකට හසු වී සිටි කලු කොටියෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වුණා.

 

ශ්‍රී පාද රක්‍ෂිතයේ සැරි සැරූ මෙම කලු කොටියා නල්ලතන්නි ලක්‍ෂපාන වතුයායේ කෝවිලක් අසල එළවළු වගා භූමියක මන්දකට හසුවී සිටියා.

 

ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව නල්ලතන්නිය වනජීවි කාර්යාල නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ සත්ත්වයා බේරා ගැනීමට කටයුතු කළා.

 

වයස අවුරුදු 7 ක් පමණ වන මෙම කලු කොටියා අඩි 6 ක් පමණ දිගින් යුක්තවනවා.

 

මේ අතර වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ක්‍ෂීරපායී සත්වයෙකු වන උණහපුලු පැටවෙකු නවගත්තේගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

 

මවගෙන් වෙන්ව සිටි මෙම පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පැවසෙන්නේ.

 

වහපිටිය ප්‍රදේශයේ ඉඩමක සිටියදී සොයා ගත් මෙම උණහපුලු පැටවා වනජීවී නිලධාරීන්ට භාර දීමටයි ඉඩම් හිමියන් කටයුතු කර ඇත්තේ.

 

මාස 3 ක් පමණ වයසැති දිගින් අගල් 6 ක් පමණ වන මෙම පැටවා නිකවැරටිය වෛද්‍ය ඒකකයට භාර දීමට නවගත්තේගම අඩවි වන නිලධාරී කාර්යාල කාර්ය මණ්ඩලය කටයුතු කළා.

 

මෙරටට ආවේණික සත්ත්වයෙකු සේ සැලකෙන උණහපුලුවා වයඹ හා උතුරු මැද පළාත් ආශ්‍රිතව වියළි කලාපයේ දැකගත හැකියි.

 

views

1114 Views

Comments

arrow-up