දේශපාලන පිම්මකට පෙරනිමිති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

දේශපාලන පිම්මකට පෙරනිමිති

දේශපාලන පිම්මකට පෙරනිමිති

මෙවර ජනපතිවරණයේ දී දේශපාලන පිම්මකට හැරවුමක් පවතින බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

 

“දේශපාලන පරිවර්තන සිදුවන්නේ පිම්මක් ලෙසින්. මෙම  ජනපතිවරණයේදී දේශපාලන පිම්මකට හැරවුමක් නිර්මාණය වී තිබෙනවා. සමාජ පරිවර්තනයක් අවශ්‍ය කියන මතය මේ වන විට තිබෙනවා.

 

අපේ රටට ප්‍රභල බලපෑමක් කළ හැකි මාධ්‍ය ක්ෂේත්‍රයක් බවට විද්‍යුත් නාළිකා පත්ව තිබෙනවා. සමහර නාළිකාවට පක්ෂ තිබෙනවා. සමහර දේශපාලන පක්ෂවලට නාළිකා තිබෙනවා.

 

මේ මෙවලමට යම් දේශපාලන බලපෑමක් තිබෙනවා. එය අපිට බලපෑමක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ අපි යම් ස්ථාවරයක ඉන්නවා.

 

අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ සෑම නිවසකටම යන්න තීරණය කර තිබෙනවා. අපේ ප්‍රභලම මාධය වෙන්නේ ගෙයින් ගෙට යාමයි.

 

1978 ව්‍යවස්ථාව බොහෝ පැතිවලින් අසමත් වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා.19 සැලකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් වගේම. එහි අගමැතිගේ හා ජනතිගේ බල කේන්ද්‍රීය උවමනාවක් තිබෙනවා.

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, පොදු ජනයා පාලනයේ සම හවුල් කරුවන් බවට පත්කර ගත යුතුයි.”

views

653 Views

Comments

arrow-up