ලකුණු 24 කැපුණොත් රියදුරු බලපත්‍රය අත්හිටුවයි - අනිවාර්යයෙන් දැනුවත් වන්න

ඉදිරියේදී මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ ලකුණු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිලිබඳව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ කියා සිටිනවා.
එහිදී ලකුණු 24ක් රියදුරෙක්ට ලබාදෙන අතර රියදුරන් විසින් සිදුකරනු ලබන වැරදි මත ලකුණු අඩු කිරීම සිදුකරන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
යම් හෙයකින් ලකුණු 24ම අඩුවූ පසු රියදුරු බලපත්‍රය වසරක කාලයකට අහෝසි කොට පසුව යලි යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.
ඉදිරියේදී මාර්ග සංඥා පද්ධතිය වැඩි දියුණු කරමින් ඊට රියදුරන් අනුගත කිරිමට සහ පාලක මැදිරියක සිට එම කටයුතු අධීක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රථවාහන පාලන හා ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ප්‍රකාශ කර සිටියේ.
වාහන ලක්ෂ 82ක් ධාවනය වන රටේ ඊට ගැලපෙන පරිදි මාර්ග තත්ත්වයන් වැඩිවී නොමැති බව පැවසූ ඔහු දිනකට ප්‍රධාන මාර්ග 05ක් ඔස්සේ කොළඹ නගරයට වාහන ලක්ෂ 05ක් පැමිණෙන බව කියා සිටියා.
එලෙස පැමිණෙන වාහන වලින් හරි අඩක්ම තනි පුද්ගල භාවිතයන් හෝ පුද්ගලයින් දෙදෙනෙකු පමණක් සිටිනා බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
1222 Views
Comments