සුවය ලැබූවන් 5000 ඉක්මවයි - තවත් කොවිඩ් ආසාදිතයින් 164 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

සුවය ලැබූවන් 5000 ඉක්මවයි - තවත් කොවිඩ් ආසාදිතයින් 164 ක්

සුවය ලැබූවන් 5000 ඉක්මවයි - තවත් කොවිඩ් ආසාදිතයින් 164 ක්

අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති බවය.

 

අනෙක් කොවිඩ් ආසාදිතයින් 121 දෙනා මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

 

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,224 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර අද උදෑසන ආසාදිතයින් 344ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5249ක් විය.

 

views

742 Views

Comments

arrow-up