ෆේස්බුක් සමාගමට නව ලාංඡනයක්

ෆේස්බුක් සමාගම සිය යෙදුම් (App) වලින් සමාගම වෙන්කර හඳුනා ගැනීම සඳහා නව ලාංඡනයක් ඊයේ (04) එළිදැක්වුවා.
සමාජ මාධ්‍ය සමාගම පැවසුවේ තම නිෂ්පාදන සහ අලෙවිකරණ භාණ්ඩ තුළ නව වෙළඳ නාමය භාවිතා කිරීම ආරම්භ කරන බවත් ඉදිරි සති කිහිපය තුළ ෆේස්බුක් සඳහා ව්‍යාපාර වෙබ් අඩවිය යාවත්කාලීන කරන බවත්ය.
ජුනි මාසයේදී සමාගම මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළත් යෙදුම් තුළ “from Facebook” “ෆේස්බුක් වෙතින්”
ලෙස ඇතුළත් කිරීම ආරම්භ කළා.
පණිවුඩ යැවීම, ඡායාරූප හුවමාරුව ඇතුළු විවිධ යෙදුම් සහ සේවාවන් ක්‍රියාත්මක කරන අවස්ථාවල “ෆේස්බුක් සන්නාමය” ඉස්මතු කිරීම මෙම පියවරේ අරමුණයි.
ප්‍රධාන වෙළඳනාම නිලධාරි ඇන්ටෝනියෝ ලුසියෝ පවසන පරිදි නව සන්නාමය, මූලික වශයෙන් සමාගමේ නම වෙනත් මුහුණුවරකින් එහි "පවුලේ" WhatsApp, Messenger, Instagram, Oculus, Workplace, Portal and Calibra,ඇතුළු යෙදුම්වලට පිරිනැමීම සිදුවනවා.
“අපි ෆේස්බුක් වෙතින් එන නිෂ්පාදන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපගේ සමාගම් සන්නාමය යාවත්කාලීන කරමින් සිටිනවා” යැයි ලුසියෝ පැවසුවා.
"අපි නව සමාගම් ලාංඡනයක් හඳුන්වා දෙන අතර ෆේස්බුක් සමාගම ෆේස්බුක් යෙදුමෙන් තවදුරටත් වෙන්කර හඳුනා ගනිමු.
නව ආයතනික ලාංඡනය “අපගේ සේවාවන් සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට අපගේ හිමිකාරීත්ව ව්‍යුහය වඩා හොඳින් සන්නිවේදනය කිරීමේ මාර්ගයක්” යනුවෙන් ලුසියෝ තවදුරටත් කියාසිටියා.
ෆේස්බුක් සිය සමාජමාධ්‍යවල අන්තර්ගතය ප්‍රතිපත්තිගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලොව පුරා නියාමකයින්ගේ දැඩි පරීක්ෂාවට ලක්ව ඇති අතර සමහර දේශපාලනයින් සහ ක්‍රියාකාරීන් Silicon Valley giants බිඳ දැමීමට උත්සාහ කරයි.
මීට වසර 15 කට පෙර සමාජ ජාල යෙදුමක් ලෙස ආරම්භ වූ දා සිට ෆේස්බුක් විසින් Oculus virtual reality gear සමාගම මෙන්ම Instagram රූප මත පදනම් වූ සමාජ ජාලය ද අත්පත් කර ගෙන තිබෙනවා. එය Portal smart screens මෙන්ම සේවා ස්ථානවල ඵලදායිතාවයට ගැලපෙන සේවා ස්ථාන සමාජ ජාලයක් ද දියත් කර තිබෙනවා.
එහි පණිවුඩකරණ යෙදුම් වන WhatsApp සහ Messenger සෑම එකක්ම බිලියනයකට අධික ජනතාවක් භාවිතා කරයි.
විවිධ රටවල නියාමකයින්ගේ සහ නීති සම්පාදකයින්ගේ විවේචනයට ලක්ව ඇති ෆේස්බුක් විසින් යෝජිත cryptocurrency Libra සමඟ භාවිතා කිරීම සඳහා digital wallet ලෙස Calibra ස්ථාපනය කර තිබෙනවා.
685 Views
Comments