නව පොලිස්පති අග්‍රාමාත්‍ය හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

නව පොලිස්පති අග්‍රාමාත්‍ය හමුවෙයි

නව පොලිස්පති අග්‍රාමාත්‍ය හමුවෙයි

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද 2020.11.30 දින පෙරවරුවේ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

 

35 වැනි පොලිස්පතිධූරයට පත්වීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න මහතා මෙසේ නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සිය සේවය සැලකර සිටියේය.

 

නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක් කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලීසියේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී විමසා සිටියේය.

 

ශ්‍රී ලංකා පොලීසිය ඉදිරියට ගෙනයාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කළේය.

 

ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රි ලංකා පොලීසිය ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ ඇඟයීමට ලක්විය.

 

1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරයෙකි.

 

බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇති සී.ඩී. වික්‍රමරත්න මහතා මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ. සී.ඩී වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි.

 

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව,බ්‍රසීලය, මියන්මාරය, යන රටවලදී හෙතම මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම ,මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා හදාරා තිබේ.

 

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි.

 

එසේම, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පතිධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. සී.ඩී. වික්‍රමරත්න මහතා, තිස්වසරක යුද ගිනි නිවා ලූ හමුදා මානුෂීය මෙහෙයුමට ද සිය උපරිම දායකත්වය දැක්වූවෙකි.

 

එතුමා, නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහනාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

මෙහිදී නව පොලිස්පතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටනයක් ද ප්‍රදානය කරන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

446 Views

Comments

arrow-up