හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර මගෙන් කප්පම් ඉල්ලුවා. මාව ඝාතනය කරන්න උත්සාහ කළා - නිශ්ශංක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර මගෙන් කප්පම් ඉල්ලුවා. මාව ඝාතනය කරන්න උත්සාහ කළා - නිශ්ශංක

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර මගෙන් කප්පම් ඉල්ලුවා. මාව ඝාතනය කරන්න උත්සාහ කළා - නිශ්ශංක

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා තමන්ගෙන් වක්‍රාකාරයෙන් කප්පම් ඉල්ලූ බවත් තමන්ව ඝාතනය කිරීමට ගිනිඅවි රැගත් පුද්ගලයින් දෙදෙනෙක් තම නිවසට එවූ බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. 

 

"මං හිතන්නෙ ඒ නාවික හමුදාපතිවරයා වහෙන් ඔරෝ මගෙන් කප්පම් ඉල්ලුවා. එතුමා මං ගැන විවේචනය කළා. ඒ වෙනුවට මගේ ගෙදරට 2015 දෙසැම්බර් 31 අවිගත් ඔහුගේ ප්‍රධාන රැකවලුන් දෙදෙනෙක් එව්වා. මගේ CCTV එකේ නම්බර්සුත් එක්ක සඳහන් වුණාම මගේ රැකවලුන් හිටියා ගෙදර මට දීලා තියෙන පෞද්ගලික ආරක්ෂාවට, එම නිසා මගේ ජීවිතය බේරුණා. නැත්තම් මාව ඝාතනය කරනවා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත්මයා. 

 

 

ඒ ගැන මම මිරිහාන් පොලිසියට පැමිණිල්ලක් කළා, ඒ ගැන විමර්ශනයක් තිබුණෙ නෑ අද වෙනකල්. මං ඒ ගැන දැනුම් දුන්නා දැනට ඉන්න වත්මන් පොලිස්පතිවරයාට, පොලිස් කොමිසමට සහ අද ප්‍රකාශ කර සිටියා ලිඛිත සාක්ෂි සහ වීඩියෝ පටයක් ඇතුළුව ඒ බයිසිකල් දෙක අපේ ගෙදරට එනවා, ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අවි සහිතව මාව ඝාතනය කරන්න. 

 

මෙන්න මෙහෙම තත්වයක් තිබුණේ කියලා කියන්නෙ. ඒ අතරතුර අමතක කරන්න එපා, හරියටම ජනවාරි 09 වෙනිදා රාත්‍රීයේ මගේ ගෙදරටත් මගේ කාර්යාලයටත් ඇවිල්ලා වෙඩි තිබ්බා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

නිශ්ශංක සේනාධිපති මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

views

913 Views

Comments

arrow-up