කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තත්පර 38කට සීමාවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද(11) පෙරවරු 11.00ට ආරම්භ වී මිනිත්තුවක කාලයක් හෝ ගත වීමට මත්තෙන් වසා දමනු ලැබීය.
ගනුදෙනු පද්ධතියට අනුව අවසාන ගනුදෙනුව සිදුව ඇත්තේ පෙරවරු 11.00.38 ටය.
සති හතකට පසු අද විවෘත කෙරුණු කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දෛනික ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත කොට සුළු වේලාවකින් යළි නවතා දැමුණි.
ඒ මිල දර්ශකවල ශීඝ්‍ර පහළ වැටීම හේතුවෙන්ය.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය නිසා පසුගිය මාර්තු 20 වැනිදා වසා දැමුණු කොටස් වෙළෙඳපොළ අද යළි විවෘත කෙරුණි.
නමුත් එහි සමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවූයේ මිල දර්ශකවල ශීඝ්‍ර පහළ වැටීම හේතුවෙන්ය.
අද S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ මාර්තු 20 ට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි.
652 Views
Comments