කොටි නායකයින්ගේ නිවාසයක අවි ගබඩාවක් සොයා විශේෂ මෙහෙයුමක්

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරනය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව පොලීසිය හා යුද හමුදාව විසින් කැනීම් කටයුතු සිදු කරනවා.
යුද්දෙන් පසුව 2014 වසරේදී නැව ප්‍රතිසංවිධානය වූ කොටි සංවිධානයේ ගොපි, අප්පන් හා දේවිගන් යන කොටි නායකයින් තිදෙනා සිදු කරනු ලැබූ ත්‍රස්ත ක්‍රියාදාමයන් සියල්ලක්ම සැලසුම් කිරීම හා එම කොටි නායකයින් රැඳී සිටි ස්ථානය වශයෙන් යාපනය අරියාලෙයි මෙම නිවස පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයට පත්වූවේ ආරක්ෂක අංශ ප්‍රහාරයන් හමුවේ අදාල කොටි නායකයින් තිදෙනාම මිය යාමෙන් පසුවයි.
අනතුරුව අදාල නිවසේ භූගත බංකරයක අවි ගබඩාවක් අැති බවට යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාගෙන ඊයේ සිට යුද හමුදාව හා පොලීසිය විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබන අතර අද දිනය දක්වාද කැනීම් සිදු කළද මෙතෙක් කිසිදු ආයුධයක් හමු වී නොමැති බවටද අද දිනයේදීද කැනීම් කටයුතු සිදු කරන බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.
748 Views
Comments